මිනිස් ජාවාරම්කරුවන් පිළිබඳ ඇති වූ බියක් හේතුවෙන් ගුවන් යානයක් ප්‍රංශයට ගොඩබස්වා තිබෙනවා.
ඉන්දීය මගීන් 303 දෙනෙකු රැගත් ගුවන් යානයකුයි මෙසේ ගොඩබස්වා ඇත්තේ.
ඊසානදිග ප්‍රංශයේ ගුවන් තොටුපළක එය නවතා ඇති බව ප්‍රංශ මාධ්‍ය වාර්තා කරනවා.
එයාර්බස් A340 යානය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට නිකරගුවාවේ අගනුවර වන මනගුවා වෙත පියාසර කරමින් තිබුණා.
නිර්නාමික ඔත්තුවක් ලැබීමෙන් පසුවයි ගොඩබස්වනු ලැබුවේ.
පොලිසිය විසින් ගුවන් තොටුපළ ද මුද්‍රා තබා ඇති අතර එය තුළ පුද්ගලයන් කිහිප දෙනෙකු සිරවී සිටිනවා.