ශ්රී ලංකා යුද හමුදාවේ ලායා හෝටල් සමූහය සහ ස්වාධීන රූපවාහිනී සේවා වනිතා සංගමය එක්ව සංවිධාන කරන ලායා ෆෙස්ටිවා 2023 සංගීත සන්දර්ශන මාලාව හා ආහාර සැණකෙළිය 3 වන දිනටත් අද පැවැත්වෙනවා.
ලායා හෝටල් සමූහය සහ ස්වාධීන රූපවාහිනී සේවා වනිතා සංගමය එක්ව සංවිධාන කරන මෙම ලායා ෆෙස්ටිවා 2023 ආහාර සැණකෙළිය සහ සංගීත සංදර්ශන මාලාව අතිඋත්කර්ෂවත් ලෙස පසුගිය දින දෙකේ දී වාද්දූව ලායා බීච් හෝටල් පරිශ්රයේ දී පැවැත්වුණා.
උදෑසන 10 සිට රාත්රී 10 දක්වා පැවති මෙම සැණකෙළියේ දී ආහාර වලින් කෙරුණු සුවිශේෂි නිර්මාණ රැසක් ප්රදර්ශනය කෙරුණු අතර පහසු මිලට ආහාර පාන මිල දී ගැනිමේ පහසුකම ද සලසා තිබුණා.
මේ අතර සැණකෙළිය තවත් වර්ණවත් කරමින් විනෝද ක්රීඩා රැසක් ද මීට ඇතුලත්.
සැණකෙළිය අදත් උදෑසන 10ට ආරම්භ කිරීමට නියමිතයි.