නිවසට අවශ්‍ය පොල් මිල ගැනිමට වෙලඳසැලට ගිය තරුණයෙකු නිවස අසල පඩිපෙලින් ලිස්සා ඇද වැටි මිය ගොස් තිබෙනවා.
මෙසේ ජිවිතක්ෂයට පව ඇත්තේ නාවලපිටිය ගොරකඔය ප්‍රදේශයේ පදිංචි
මොහොමඩ් අසාද් නම් 20 හැවිරිදි තරුණයෙක්.
ජිවිතක්ෂයට පත් තරුණයා අද උදැසන 11 ට පමණ නිවසට අවශ්‍ය පොල් තෙල් රැගෙන ඒම සඳහා නිවස අසල පිහිටි වෙලඳසැල වෙත ගොස් ඇති බවත්, එම අවස්තාවේ
පඩිපෙලින් ලිස්සා ඇද වැටී ඇති අතර
පොල්තෙල් රැගෙන එමට ගෙන ගිය හිස් බෝතලයට බෙල්ල ප්‍රදේශය බරපතල ලෙස තුවාල ලබා අසල්වාසින් විසින් නාවලපිටිය
දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කිරිමේදීයි මොහු ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.
මරණකරුණගේ සිරුර නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇති අතර , සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය පොලීසිය වැඩිදුර පරික්ෂණ
පවත්වයි.