සෝමාවති පුදබිම තවමත් ජලයෙන් යටවී තිබෙනවා. ප්රදේශය පුරා වන අලින් ගැවසෙන ආකාරය අප වාර්තාකරුගේ කැමරා කාචයට මෙසේ හසුවී තිබුණා.
සෝමාවති පුදබිම මේ වන විටත් අඩි 3ක් පමණ ජලයෙන් යටවී තිබෙනවා. සෝමාවති පුදබිමේ නිරන්තරයෙන් වන අලින් ගැවසෙන අතර ජලයෙන් යටවීම නිසා වන අලින් ද විවිධ අපහසුතාවයන්ට පත්වී ඇති ආකාරය අපට දක්නට ලැබුණා.
ආගමික වතාවත් නිසි පරිදි සිදුකරන අතර යුද හමුදා නිලධාරීන්, පොලිස් නිලධාරීන් හා සිවිල් ආරක්ෂක බලකායේ සෙබළුන් ඇතුලු 50 දෙනෙකු සිටින බවයි භික්ෂුන් වහන්සේලා සදහන් කරන්නේ.
ආහාර පාන ඇතුලු සියලුදේ ලැබෙන බවත් සියලුදෙනාම ආරක්ෂිතව සිටින බවත් පවසනවා.