2023 නොවැම්බර් 24 දින නිකුත් කරන ලද 2022(2023)උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අනුව 2022(2023) අධ්‍යන වර්ෂය සඳහා විශ්ව විද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලද නව අයදුම්කරුවන්ගෙන් අද (22) සිට 29වැනිදා දක්වා අන්තර් ජාලය ඔස්සේ අයදුම්පත් කැඳවා ඇතැයි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.
ඒ අනුව, එම අයදුම්කරුවන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය වන www.ugc.ac.lk වෙත පිවිස නිසි ලෙස අයදුම්පත් පුරවා ඉදිරිපත් කළ යුතුය.
කෙසේ වෙතත්, මෙම අවස්ථාව විශ්ව විද්‍යාල,මණ්ඩප,හා උසස් අධ්‍යාපන ආයතන මඟින් පවත්වා අවසන් කර ඇති යෝග්‍යතා පරීක්ෂණ පවතින අධ්‍යන පාඨමාලා සඳහා අයදුම් කිරීමට අදාළ නොවන බවද විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තවදුරටත් සඳහන් කෙරේ.