දකුණු ආසියා කලාපීය රටවල අධ්‍යාපන සුදුසුකම් සංසන්දනය සදහා වන ලිපියට අත්සන් තැබුණා. දකුණු ආසියා සුදුසුකම් නිර්දේශ රාමුව රට තුළ බලාත්මක කිරීම මේ අනුව සිදුවනවා.
මෙම නිර්දේශ රාමුව අනුමත කිරීමේ ලිපියට අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත සහ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර යන මහත්වරුන් අත්සන් තැබුවා.
කලාපීය රටවල් අතර සහයෝගීතාව පුළුල් කිරීම වෙනුවෙන් මෙම දකුණු ආසියා සුදුසුකම් නිර්දේශ රාමුව සකස් කර තිබෙනවා.
මේ තුළින් සිසුන් මෙන්ම ශ්‍රමිකයන් ද හුවමාරුවට අවස්ථාව හිමි වනවා.
අමාත්‍යවරුන් අත්සන් කළ මෙම ලිපිය ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ කලාප අධ්යක්ෂ සිම්රින් සිං මහත්මිය වෙත භාර දුන්නා. උත්සවයෙන් අනතුරුව අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අදහස් පළ කළා.