fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

භූගත කාර්යාලයක හොර වීසා හදන තැනක්

hasiniek
By hasiniek දෙසැම්බර් 21, 2023 13:00

භූගත කාර්යාලයක හොර වීසා හදන තැනක්

ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍ර , වීසා බලපත්‍ර සහ විදෙස් අනුග්‍රහ ලිපි කූඨ ලෙස සකස් කරන පන්නල ප්‍රදේශයේ නිවසක භූගත කාර්යාලයක් පවත්වා ගෙන යමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු සමග ඒවා සකස් කිරීමට යොදා ගෙන තිබූ යන්ත්‍ර ද පොලිස් විශේෂ කාර්යය බළකා මූලස්ථාන කදවුරේ විශේෂ වැටලීම් අංශයේ නිලධාරීන් පිරිසක් සහ කටුනායක ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (20) දින වටලා අත් අඩංගුවට ගෙන තිබෙනවා. .

මෙම නිවස පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකා ගුවන් හමුදා බුද්ධි අංශයේ නිලධාරීන් වෙත ලැබී තිබූ අතර පන්නල , ඇළබඩගම ප්‍රදේශයේ තිබූ නිවස වටලා , එහි බිම අතුරා තිබූ පිඟන් ගඩොල් හතරක් ඉවත් කර මෙම මුද්‍රණාල සංකීර්ණය වෙත පිවිස තිබෙනවා.

මෙම මුද්‍රණාලය තුළ විදෙස් රටවලින් නිකුත් කරන ආකාරයේ උසස් ගුණාත්මක තත්වයෙන් යුතු අති නවීන මුද්‍රණ උපකරණ , විවිධ රටවල සහ ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ හා සමාන නිල මුද්‍රා , ජල මුද්‍රා සටහන් කළ හැකි මුද්‍රන යන්ත්‍ර ඇතුළු තවත් නවීනතම යන්ත්‍ර රාශියක් අත් තිබී අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම මුද්‍රණාලය සංකීර්ණයේ ඒ වන විට එම කටයුතු වල නියැලී සිටි වයස අවුරුදු 22 සහ 23 පසුවන තරුණයන් දෙදෙනෙකු අත් අඩංගුවට ගත් බව සඳහන්.

මෙසේ අත් අඩංගුවට ගත් තරුණයන් දෙදෙනා සහ මෙම මුද්‍රනාලය තුළ පැවති මුද්‍රන උපකරණ සහ යන්ත්‍ර මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා කොළඹ , කිරුලපන පිහිටි අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙඳාම , ජාවාරම් විමර්ශන සහ සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත භාර දී තිබෙනවා.

hasiniek
By hasiniek දෙසැම්බර් 21, 2023 13:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්