fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආර්ජන්ටිනාවේ නව රජයේ ආර්ථික ප්‍රතිපත්තිවලට එරෙහිව ජනතාව වීදි බසී

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 21, 2023 13:25

ආර්ජන්ටිනාවේ නව රජයේ ආර්ථික ප්‍රතිපත්තිවලට එරෙහිව ජනතාව වීදි බසී

ආර්ජන්ටිනා නව රජයේ ආර්ථික ප්‍රතිපත්තිවලට එරෙහිව දහස් ගණන් ජනතාව වීදි බැස තිබෙනවා.

නව ජනාධිපති ජේවියල් මිලෙයි වියදම් කප්පාදුවක් මුදල් අව ප්‍රමාණය කිරීමක් ඇතුලු නව ආර්ථික ප්‍රතිසංස්කරණ නිවේදනය කළා.

ඒ සමඟම ඊට එරෙහිව ජනතාව වීදි බැස තිබෙනවා.

එම විරෝධතා මෙහෙය වන්නේ රැකියා විරහිතයන් නියෝජනය කරන පිරිස් බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

මේ අතර ආර්ජන්ටිනා රජය කියා සිටියේ මහා මාර්ග අවහිර කරමින් සිටින පුද්ගලයන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා අතර ඔවුන්ට රාජ්‍ය ප්‍රතිලාභ ලබා ගැනීමේ අයිතිය ද අහිමි විය හැකි බවයි.

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 21, 2023 13:25

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්