මහ වැසි සහ ජල ගැලීම් හේතුවෙන් නිවාඩුවට පෙරම වැසී ගිය පාසැල්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 21, 2023 05:57

මහ වැසි සහ ජල ගැලීම් හේතුවෙන් නිවාඩුවට පෙරම වැසී ගිය පාසැල්

උතුරු පළාතට ඇතිවී තිබෙන මහ වැසි සහ ජල ගැලීම් හේතුවෙන් පාසල් 29ක් දින නියමයක් නැතිව වසා දමා තිබෙනවා.

මුලතිවු දිස්ත්‍රික්කයේ පාසල් හතක් මෙසේ වසා දමා ඇති අතර අනෙක් පාසල් විසිදෙක අවතැන් කඳවරු ලෙස භාවිතා කිරීම නිසා වසා දමා ඇති බවයි පැවසෙන්නේ.

ඒ අනුව උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය කියා සිටින්නේ, මුලතිවු දිත්‍රික්කයේ පාසැල් දෙකක්, මන්නාරම දිස්ත්‍රික්කයේ පාසල් දෙකක්, කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පාසල් නවයක් හා වවුනියාව දිස්ත්‍රික්කය පාසල් නවයක් මෙලෙස වසා දමා ඇති බවයි.

මේ අතර, මාතර කලාපයේ පාසල් 22 ක පමණ හිඟ විදුලි බිල්පත් ලක්ෂ විසිපහක් පමණ මුදලක් ගෙවීම පැහැර හැරීම හේතුවෙන් විදුලි සැපයුම පසුගිය දා (19 ) සිට තාවකාලිකව විදුලිය විසන්ධි කොට ඇති බව ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසනවා .

මේ අනුව, ”මාතර කලාපයේ පාසල් විසි දෙක (22) විදුලිය විසන්ධි කර තිබෙනවා.

පෙරේදා (19 ) දින හිඟ විදුලිපත් ගෙවීමට කලාප කාර්යාලයට මුදල් නොමැති වීම නිසා මෙම තත්ත්වය උදාවී ඇති බවයි හෙතෙම ප්‍රකාශ කළේ .

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 21, 2023 05:57