රෝහලට ඇතුළත් කිරීමට ගිය රැඳවියෙක් පළා යයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 21, 2023 05:06

රෝහලට ඇතුළත් කිරීමට ගිය රැඳවියෙක් පළා යයි

ඇඹිලිපිටිය කදුරුගස්ආර එළිමහන් සිර කඳවුරේ රඳවා සිටි රැඳවියෙක්   ඇඹිලිපිටිය මහ රෝහලට ඇතුළත් කළ අවස්ථාවේ පළා ගොස් තිබෙනවා.

උදරයේ රෝගී තත්ත්වයක් හේතුවෙනුයි ඔහුව මෙලෙස  ඇඹිලිපිටිය මහ රෝහලට ඇතුළත් කර තිබෙන්නේ.

රුපියල් 10,000ක දඩයක් ගෙවා ගැනීමට නොහැකි වීම හේතුවෙන් ඔහුව මෙලෙස සිර කඳවුරේ රඳවා තිබී ඇත.

ලබන මස 12 වනදායින් ඔහුගේ එම දඬුවම් කාලය නිමවීමට නියමිතව තිබීමද විශේෂත්වයක්.

25 හැවිරිදි වියේ පසුවන අදාළ රැඳවියා ඇඹිලිපිටිය වැව්වතුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පළාගිය රැඳවියා සොයා බන්ධනාගාර නිලධාරීන් සහ ඇඹිලිපිටිය පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 21, 2023 05:06