ජේ එන් වන් නව කෝවිඩ් ප්‍රභේදයේ ආසාදිතයින් රටවල් රැසකින් වාර්තා වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරනවා.
නව කෝවිඩ් ප්‍රභේදයේ ව්‍යාප්තියත් සමග බොහෝ රටවල් මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීම යළි ආරම්භ කර තිබෙනවා.
දෙසැම්බර් 4 වන දින සිට 10 වන දක්වා කාලය තුළ දී පමණක් ගිණිකොන දිග ආසියාවෙන් හමුවී ඇති නව ආසාදිතයින් සංඛ්‍යාව 56000කට අධිකයි.
ඇමෙරිකාව, සිංගප්පුරුව, චීනය, ඉන්දියාව, ඉන්දුනිසියාව හා යුරෝපා රටවල් වලින් ද නව ආසාදිතයින් හමුව තිබෙනවා.
එම ආසාදිතයින් බහුතරයක් වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරන්නේ.
මේ අතර නව කෝවිඩ් ප්‍රභේදය ඉන්දියාව තුළ සීඝ්රයෙන් පැතිර යන බව එරට සෞඛ්‍ය අංශ නිවේදනය කරනවා.
ඊයේ දිනයේ පමණක් එරටින් හමුවී ඇති වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 519ක්.
කොරෝනා ව්‍යාප්තිය ආරම්භයේ සිට මේ දක්වා හමුවී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව හැටනවකෝටි අනූඅටලක්ෂයකට අධිකයි.
සිදුව ඇති මරණ සංඛ්‍යාව හැටනවලක්ෂ පනස්හත්දහස් අටසිය පනස්තුනක්.