fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇරිසෝනා ප්‍රාන්තයේ නිවසක හටගත් ගින්නකින් කුඩා දරුවන් 5 දෙනෙකු ජිවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 20, 2023 15:45

ඇරිසෝනා ප්‍රාන්තයේ නිවසක හටගත් ගින්නකින් කුඩා දරුවන් 5 දෙනෙකු ජිවිතක්ෂයට

ඇමෙරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ නිවසක හටගත් ගින්නකින් කුඩා දරුවන් පස් දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

එම දරුවන්ගේ පියා නත්තල් උත්සවය සඳහා භාණ්ඩ මිල දී ගැනීමට නිවසින් බැහැරව සිටිය අවස්ථාවේදීයි මෙම ගින්න හටගෙන ඇත්තේ.

ජිවිතක්ෂයට පත්වු පිරිස අතරට ඔහුගේ දරුවන් 4 දෙනෙකු සහ ඥාතී දරුවෙකු ද ඇතුලත්. ඔවුන් අවුරුදු 2, 4,  5, 13 හා 11 වයස්වල පසුවුවන්.

ගින්න හට ගැනීමට හේතුව සම්බන්ධයෙන් පුළුල් විමර්ෂණයක් ආරම්භ කර ඇති අතර මිය ගිය දරුවන්ගේ හෝ ඔවුන්ගේ පියාගේ නම මාධ්‍යයට හෙළි කර නැහැ.

නිවසේ පහළ මහලයේ ගින්න හට ගැනීම හේතුවෙන් ඉහළ මහලයේ සිටි දරුවන්ට නිවසෙන් ඉවත් වීමට නොහැකි වීම නිසා ඔවුන් ජිවිතක්ෂයට පත්වන්නට ඇති බවටයි මත පළ වන්නේ.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 20, 2023 15:45

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්