ලෝක බැංකුව අන්තර් ජාතික මූල්‍ය සහයෝගීතාව හා ලෝක බැංකුවේ බහු පාර්ශ්වික ආයෝජන ඇපකර නියෝජිත ආයතනයේ නියෝජිතයින් හා අමාත්‍ය කංචන විජේසේකර මහතා අතර සාකච්ඡාවක් පැවැත්වුණා.
විදුලිබල ක්ෂේත්රයේ ප්‍රති ව්‍යුහගත කිරීමේ කටයුතු බලශක්ති කාර්යක්ෂමතාව, පුනර්ජනනීය බලශක්ති වැඩපිළිවෙලට අවශ්‍ය මූල්‍ය ශක්තිය හා යෝජිත කලාපීය විදුලිබල පද්ධති ඒකාබද්ධ කිරීමේ කටයුතු සම්බන්ධයනේ මෙහිදී අවධානය යොමු වුණා.
විදුලිබල සහ බලශක්ති අමාත්‍යාංශයේ සහ විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් ද සාකච්ඡාවට එක්ව සිටියා.
නව විදුලිබල පනත, බලශක්ති කාර්යක්ෂමතාව වැඩි කිරීමේ වැඩපිලිවෙල හා විදුලිය බිඳවැටීම් මගහරවා ගැනීමට අවශ්‍යවන යටිතල පහසුකම් නිර්මාණය සම්බන්දයෙන් ද මෙහිදී කරුණු සාකච්ඡා කෙරුණා.