fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගැටුම් හේතුවෙන් සුඩානයේ සාමාන්‍ය වැසියන් ගම් බිම් අතහැර පළා යයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 20, 2023 14:55

ගැටුම් හේතුවෙන් සුඩානයේ සාමාන්‍ය වැසියන් ගම් බිම් අතහැර පළා යයි

ගැටුම් හේතුවෙන් සාමාන්‍ය වැසියන් දෙලක්ෂ පනස්දහසක පමණ පිරිසක් සුඩානයේ අල් ජසිරා ප්‍රදේශයෙන් පළා ගොස් තිබෙනවා.

සුඩාන හමුදාව හා කැරළිකාර කණ්ඩායම් අතර මීට මාස කිහිපයකට පෙරදී ගැටුම් ආරම්භ වුණා.

රජයේ හමුදා වඩ් මධානි නගරය ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කිරීමත් සමඟ නගරයේ ජනතාව ප්‍රදේශය හැරයාම ආරම්භ කර තිබෙනවා.

සාමාන්‍ය වැසියන්ට පළා යාමට ආරක්ෂිත ප්‍රදේශයක් නොමැති අතර ඔවුන් කිසිදු අරමුණකින් තොරව ගමන් ගන්නා බවටයි විශ්ලේෂකයින් අනතුරු අඟවන්නේ.

ඔවුන්ට ගමන් කිරීමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් නොමැති බව ද සඳහන්.

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 20, 2023 14:55

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්