fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී පාද වන්දනාවට එන බැතිමතුන්ගෙන් මධ්‍යම පරිසර අධිකාරිය ඉල්ලීමක් කරයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 20, 2023 14:36

ශ්‍රී පාද වන්දනාවට එන බැතිමතුන්ගෙන් මධ්‍යම පරිසර අධිකාරිය ඉල්ලීමක් කරයි

ශ්‍රී පාද වන්දනාවට එක්වීමේදී පොලිතින් ප්ලාස්ටික් එම ප්‍ර දේශවලට බැහැර කිරීමෙන් වළකින ලෙස මධ්‍යම පරිසර අධිකාරිය ඉල්ලිමක් කරනවා.

ශ්‍රීපාද වන්දනා සමය උදුවප් පොහොයෙන් ආරම්භ වී ලබන වසරේ වෙසක් පුර පසලොස්වක පොහොයෙන් අවසන් වනවා.

ශ්‍රී පාද වන්දනා සමය තුළ බැතිමතුන් විශාල පිරිසක් ශ්‍රීපාද ආශ්‍රිත ප්‍රදේශයට පැමිණෙන අතර පරිසරය දූෂණය වීමේ වැඩි ප්‍රවණතාවක් පවතිනවා.

ඒ හේතුවෙන් ශ්‍රිපාද අඩවියට ප්ලාස්ටික් සහ පොලිතින් බැරහැර කිරීමෙන් වළකින ලෙස මධ්‍යම පරිසර අධිකාරිය ඉල්ලීමක් කරනවා.

ප්ලාස්ටික්, පොලිතින් පරිසරයට බැහැර කිරීම තුලින් ස්වභාවික පරිසර පද්ධතියට මෙන්ම වන සතුන්ට ද දැඩි බලපෑමක් එල්ලවන බවයි එම අධිකාරිය පෙන්වා දෙන්නේ.

 

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 20, 2023 14:36

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්