fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දියාවෙන් ගෙන් වූ බිත්තර අද සිට වෙළෙඳපොළේ

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 20, 2023 12:31

ඉන්දියාවෙන් ගෙන් වූ බිත්තර අද සිට වෙළෙඳපොළේ

අත්තනෝමතිකව ඉහළ දැමූ බිත්තර මිල පාලනයට රජය ඉන්දියාවෙන් ගෙන් වූ බිත්තර අද සිටම අඩු මිලට ජනතාවට ලබාදීමට පියවර ගෙන තිබෙනවා.

අසාධාරණ ලෙස බිත්තරමිල ඉහළ දැමීමට එරෙහිව රජයගත් මෙම පියවර ජනතාවගේ දැඩි ප්‍රසාදයට ලක්ව තිබෙනවා.

බිත්තර නිෂ්පාදකයන් ඉතා ඉහළ මිලකට බිත්තර අලෙවි කිරීමත් සමඟ මිල පාලනය සදහා රජය ඉන්දියාවෙන් බිත්තර ආනයනය කළා.

ඒ සමඟ මිල පාලනය වුවද යලිත් වරක් බිත්තර මිල ඉහළ දැමීමටයි නිෂ්පාදකයින් කටයුතු කළේ.

ඒ අනුව ජනතාවට සහන සැළසීම සඳහා රජය තවදුරටත් බිත්තර ගෙන්වීමට තීරණය කළා.

ඒ අනුව බිත්තර එක්කෝටි අසූ ලක්ෂයක් ඉන්දියාවෙන් ගෙන්වීමට කැබිනට් අනුමැතිය ද හිමි වුණා.

සතොස මගින් සහන මිලට බිත්තර ලබාදීමට ගත් මෙම පියවර ජනතාවගේ ප්‍රසාදයට ලක්ව තිබෙනවා.

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 20, 2023 12:31

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්