fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මරඳගහමුල සහල් තොග වෙළෙඳ මධ්‍යස්ථානය විවෘත කෙරේ

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 20, 2023 06:46

මරඳගහමුල සහල් තොග වෙළෙඳ මධ්‍යස්ථානය විවෘත කෙරේ

මරඳගහමුල සුළු සහ මධ්‍යම පරිමාණයේ සහල් ව්‍යාපාරයෙහි නිරත ව්‍යපාරිකයන් වෙනුවෙන් ඉදිකර වසර 09කට ආසන්න කාලයක් අත්හැර දමා තිබූ සහල් තොග වෙළෙඳ මධ්‍යස්ථානය විවෘත කිරීම නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) පෙරවරුවේ සිදු කෙරුණා.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් මෙම ගබඩා සංකීර්ණය නැවත පිළිසකර කර තිබෙනවා.

මෙම වෙළෙඳ මධ්‍යස්ථානය පිහිටි ඉඩම අක්කර 02ක පමණ විශාලත්වයකින් යුක්තයි.

වෙළෙඳ කුටි 115කින් පමණ සමන්විත මෙය ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 459 මුදලක් වැය වී තිබෙනවා.

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව මෙහි සම්පූර්ණ ඉදිකිරීම් කටයුතු සිදුකර තිබෙනවා.

ගබඩා සංකීර්ණයේ වී මෙට්ට්‍රික් ටොන් 75,000ක් පමණ ගබඩා කිරීමට පහසුකම් තිබෙනවා.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, මේ මොහොතේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට උදවු කරනුයේ දේශපාලනයට වඩා රට ගැන සිතා බවත් රට නැවත සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් තියෙන මේ මොහොතේදී ජනාධිපතිවරයාගේ කකුලෙන් ඇදීමට ඇතැමුන් ගන්නා උත්සාහයට ඉඩ දිය නොහැකි බවත් පැවසුවා.

එමෙන්ම ආර්ථික අර්බුද විසඳාගෙන ලබන වසරේදී ජනතාවට සහන ලැබෙනු ඇතැයිද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“අද දින විවෘත වුන මේ සහල් ගබඩා සංකීර්ණය, ආර්ථික මධ්‍යස්ථානයක් බවට පත්වෙනවා.

මෙම ස්ථානයේ වී ගබඩාවක් තිබෙනවා.

ඒ ගබඩාවලින් ලබා ගන්නා වී තොග ගම්පහ දිස්ත්‍රික්කයේ සමූපාකාරවලට ලබාදෙන්න ක්‍රමයක් හදන්න මම, ආණ්ඩුකාරතුමා සමඟ සාකච්ඡා කළා.

ඒ සඳහා අඩු පොලියට ණය මුදලක් ලබාදෙන්න ක්‍රමයකුත් හදනවා.

එය කරන්නේ සුළු ව්‍යාපාරිකයන්ට සහනයක් විදියටයි.

අපි බලාපොරොත්තු වෙන්නේ මහ කන්නයේදී වී ටික ලබාගෙන ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න.”

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 20, 2023 06:46

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්