fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොළඹ වරායේ බණ්ඩාරනායක තටාකය මගී පර්යන්තයක් කරන්න යයි

hasiniek
By hasiniek දෙසැම්බර් 19, 2023 16:14

කොළඹ වරායේ බණ්ඩාරනායක තටාකය මගී පර්යන්තයක් කරන්න යයි

කොළඹ වරායේ බණ්ඩාරනායක තටාකය මගී පර්යන්තයක් කිරීමට තීරණය කර තිබෙනවා.

නව වසරේ එළඹෙන සංචාරක සමයත් සමග සුඛෝපභෝගී මගී නෞකා 35ක් පමණ කොළඹ වරායට පැමිණීමට නියමිතයි.

එමෙන්ම ඉදිරි වසරවලදී සුඛෝපභෝගී නෞකා රැසක් කොළඹ වරායට පැමිණීම සදහා ගිවිසුම් ගතව ඇති බව වරාය අධිකාරියේ නාවික කොට්ඨාසය පවසනවා.

එම නෞකාවල මෙහෙයුම් කටයුතු සදහා දැනට පවතින මගී පර්යන්තයේ ඉඩකඩ නොමැති කමින් බණ්ඩාරනායක තටාකය පිහිටි ජැටිය යොදා ගැනීමටයි තීරණය වී ඇත්තේ.

මගී පර්යන්තයක් බවට එය පත් කිරීමත් සමග මීටර් 350ක් දිගින් යුතු විශාල නෞකා තුනක් එකවර පැමිණිය ද මෙහෙයුම් කටයුතු සහ සංචාරයට අවශ්‍ය පහසුකම් ලබාදිමට හැකියාව පවතිනවා. එම තටාකය සංවර්ධනය කරන තෙක් සංචාරකයින්ට අවශ්‍ය පහසුකම් පැරණි මගී පර්යන්තය තුලදී ලබා දීමටයි කටයුතු කර ඇත්තේ.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා එහි තත්ත්වය සොයා බැලීමට කටයුතු කළ අතර වරාය අධිකාරියේ සභාපති කීත් බර්නාඩ් මහතා ඇතුළු පිරිසක් ද එම අවස්ථාවට එක්ව සිටියා.

hasiniek
By hasiniek දෙසැම්බර් 19, 2023 16:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්