නිරිතදිග අයිස්ලන්තයේ Reykjanes අර්ධද්වීපයේ ගිනි කන්දක් පුපුරා ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .
මෙම පිපිරීම එරට දේශීය වේලාවෙන් 22:17ට නගරයට උතුරින් ආරම්භ වී ඇති බව සඳහන්.
Grindavik ධීවර නගරයෙන් පුද්ගලයින් 4,000ක් පමණ ඉවත් කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ
එම ප්‍රදේශයෙන් ඉවත්ව සිටින ලෙස ජනතාවට පොලිසිය ජනතාවට දැනුම් දී තිබෙනවා
ලාවා තත්පරයට ඝන මීටර් 100 ත් 200 ත් අතර ප්‍රමාණයකින් ගලා යන අතර ගිනිකන්දේ ඉරිතැලීමේ දිග කිලෝමීටර 3.5 ක් පමණ වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ .