fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කෝටි 30කට අධික වටිනාකමකින් යුත් භාණ්ඩ තොගයක් ගෙනා සැකකරුවන් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 19, 2023 11:31

කෝටි 30කට අධික වටිනාකමකින් යුත් භාණ්ඩ තොගයක් ගෙනා සැකකරුවන් අත්අඩංගුවට

රුපියල් කෝටි 30කට අධික වටිනාකමකින් යුත් භාණ්ඩ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට තැත් කළ සැකකරුවන් 4 දෙනෙකු බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රජයට අයවිය යුතු තීරු බදු ඇතුළු අනෙකුත් බදු නොගෙවා , ගුවන් තොටුපොළ සියලු පරීක්ෂණ ආයතන මග හරිමින්, කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් තිබූ, නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ආනයනය කර තිබූ රුපියල් කෝටි තුනක් පමණ වටිනා භාණ්ඩ තොගයක් සමග මෙම භාණ්ඩ තොගය මෙරටට රැගෙන විත් තිබූ පුද්ගලයන් සිව් දෙනෙකු අද (19) දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයන් දිනපතාම ගුවන් මගින් ඩුබායි ඇතුළු වෙනත් රටවලට ගොස් මේ ආකාරයට නීතිවිරෝධී ලෙස භාණ්ඩ ශ්‍රී ලංකාවට රැගෙන එන්නන් බව පොලිසිය සිය මූලික විමර්ශන කටයුතු වලදී අනාවරණය කර ගෙන ඇත.

මෙම භාණ්ඩ තොගය පිළිබඳ කොට්ඨාස බුද්ධි තොරතුරු ඒකකයේ නිලධාරීන් වෙත ලැබී තිබූ තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

මෙසේ අත්අඩංගුවට ගත් භාණ්ඩ අතර විවිධ වර්ගයේ ලැප්ටොප් පරිගණක, අයි පෝන්, විවිධ ජංගම දුරකථන, ජංගම දුරකථන උපාංග, විදේශීය නිෂ්පාදිත දුම්වැටි , ස්වර්ණාභරණ , විවිධ වර්ගයේ විස්කි , සුවද විළවුන් සහ මෝටර් රථ අමතර කොටස් විය.

කැළණිය , වීරකැටිය , පුත්තලම සහ කොළොන්නාව ප්‍රදේශයේ පදිංචිකරුවන් සිව් දෙනෙකු විසින් මෙම භාණ්ඩ තොගය නීතිවිරෝධී ලෙස රැගෙන විත් තිබූ අතර ඔවුන්ට මේ ආකාරයට දිනපතා විදේශගත වෙමින් මෙරටට භාණ්ඩ ගෙන ඒම සදහා, ඔවුන් සතු ආර්ථික පසුබිම සොයා බලා, ඒවා පිළිබඳ ඉදිරි කාළයේ නෛතික පියවර ගැනීමට ද පොලිසිය කටයුතු කරමින් සිටිනවා.

මෙම අත්අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු ගුවන් තොටුපොළ පොලිසියේ නිලධාරීන් විසින් සිදු කෙරෙනවා.

මෙම පුද්ගලයන් සිව් දෙනා සහ මෙම භාණ්ඩ තොගය වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත භාර දීමට නියමිතය .

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 19, 2023 11:31

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්