fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

Nas Daily ශ්‍රී ලංකාව ගැන පළමු වීඩියෝව නිකුත් කරයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 19, 2023 11:05

Nas Daily ශ්‍රී ලංකාව ගැන පළමු වීඩියෝව නිකුත් කරයි

ලොවපුරා මිලියන ගණනක රසික ජනතාවගේ ජනාදරයට පත් බ්ලොග් නිර්මාණකරුවෙකු  වන නාස්ඩේලි ශ්‍රී ලංකාවේ සුන්දරත්වය විදහා දැක්වෙන වීඩියෝපටයක් සමාජ මාධ්‍යයට නිකුත් කර තිබෙනවා.

නාස්ඩේලි මීට පෙර සිදුකළ වීඩියෝ දහසක එකතුවක් හේතුවෙන් ලොව පුරා ජනප්‍රියත්වයට පත්වුණා.

එම වීඩියෝපට තුළ දිස් ඊස් මේඩ් ඔෆ් ද පොප්,   මයි බිගස්ට් මනී මිස්ටේක්,  ද කීබෝඩ් වයිරල් ලෙස නම් කළ ශ්‍රී ලංකාව පිළිබද සදහන් වීඩියෝපට තුනක්ද මීට ඇතුළත්.

පසුගිය කොවිඩ් වසංගත සමයේ ඉතාමත්ව නිර්ලෝභීව කටයුතු කළ රට ලෙස ශ්‍රීලංකාව නම් කරමින් නාස්ඩේලි 2020 වසරේදී වීඩියෝපටයක් නිර්මාණය කළා. එයද ලොවපුරා ජනතාව අතර මහත් ජනාදරයට පත්වුණා.

මෙරට සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය වෙනුවෙන් සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සමග නාස්ඩේලි අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා. ඒ අනුවයි මෙලෙස සමාජ මාධ්‍ය වෙත ශ්‍රී ලංකාව පිළිබද වීඩියෝ නිකුත් කර තිබෙන්නේ.

ලස්සන සංස්කෘතියක් මෙන්ම ලස්සන මිනිස්සු සිටින ලෝකයේ මගේ ප්‍රියතම රටවලින් එකක් ලෙස ශ්‍රී ලංකාව හැදින්විය හැකි බව ඔහු මෙම වීඩියෝපටවල සදහන් කර තිබෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 19, 2023 11:05

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්