fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඊශ්‍රායල් කෘෂි අංශයේ රැකියා සදහා පළමු කණ්ඩායම පිටත්ව යයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 19, 2023 10:26

ඊශ්‍රායල් කෘෂි අංශයේ රැකියා සදහා පළමු කණ්ඩායම පිටත්ව යයි

ඊශ්‍රායලයේ කෘෂි අංශයේ රැකියා සදහා තෝරා ගනු ලැබූ පළමු තිස් දෙනාගේ කණ්ඩායම ඊයේ (18) රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපොලින් ඊශ්‍රායලය බලා පිටත්ව ගියේය.

මෙම කණ්ඩායමට තිස් දෙනෙක් ඇතුළත් වූ බවත් ඊශ්‍රායලයේ කෘෂි අංශයේ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන් දස දහසක් යොමු කිරීමට බලාපොරොත්තු වන බවත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

කෘෂි අංශයේ රැකියා සදහා පිටත්ව ගිය පළමු කණ්ඩායම සදහා වන ගුවන් ප්‍රවේශපත් අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අතින් ජාත්‍යන්තර සංක්‍රමණික දිනය වෙනුවෙන් පැවති උත්සවයකදී ප්‍රධානය කළේය.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 19, 2023 10:26

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්