fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මහා සංඝ සමුළුව සඳහා ශ්‍රී ලාංකික භික්ෂූන් වහන්සේලා ඉන්දියාව බලා වැඩම කරයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 19, 2023 09:59

මහා සංඝ සමුළුව සඳහා ශ්‍රී ලාංකික භික්ෂූන් වහන්සේලා ඉන්දියාව බලා වැඩම කරයි

ඉන්දියාවේ පැවැත්වීමට නියමිත මහා සංඝ සමුළුව සදහා ශ්‍රී ලාංකික සංඝ රත්නය ඉන්දියාව බලා වැඩම කර තිබෙනවා.

14 වන දළයි ළාමාතුමාගේ ප්‍රධානත්වයෙන් මෙවර ඉන්දියාවේ පැවැත්වෙන ආසියානු කලාපයේ ථේරවාදී මහායාන බෞද්ධ දර්ශනය තුළ කටයුතු කරන බෞද්ධ රටවල් සියල්ලක්ම එකට එකතු වී මෙවර සංඝ සම්මේලනය පැවැත්වීමට අවශ්‍ය කටයුතු යොදාගෙන තිබෙනවා.

ගෝලීය වශයෙන් පැන නගිනු ලබන ප්‍රශ්නවලට ධාර්මික ව පිළිතුරු සොයන ආකාරය ද මෙම ධර්ම සාකච්ඡාව තුළ ප්‍රධාන වශයෙන් සාකච්ඡා කිරීමට නියමිත ව ඇත.

මේ සදහා අප රටේ මහානායක, අනුනායක, අතිපූජ්‍ය මහා සංඝරත්නය වරක් ප්‍රමුඛ සම්භාවනීය මහා සංඝරත්නය ඊයේ (18) රාත්‍රීයේ ඉන්දියාවට වැඩම කිරීම සිදු කෙරුණා.

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 19, 2023 09:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්