fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දීය ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට

hasiniek
By hasiniek දෙසැම්බර් 18, 2023 15:02

ඉන්දීය ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට

මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවර යාත්‍රාවක් නාවික හමුදාව සිය භාරයට ගනු ලැබුවා.

නාවික හමුදාව කරෙයිනගර් කෝවිල ප්‍රදීපාගාරයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍ර දේශයේ කළ මෙහෙයුමකදී මුහුදු සීමාව තුළ අනවසරයෙන් ධීවර කටයුතුවල නිරත යාත්‍රාවක් නිරීක්ෂණය කළා.

පසුව එම ධීවර යාත්‍රාව සහ එහි සිටි ධීවරයින් 14 දෙනෙකු සිය භාරයට ගැනීමටයි නාවික හමුදාව කටයුතු කළේ.

මෙරට මුහුදු සීමා උල්ලංඝනය කරන ධීවර යාත්‍රා අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් නාවික හමුදාව අඛණ්ඩව ක්‍රියාත්මක කරනවා.

මෙම වසරේ මේ දක්වා සිදුකළ මෙහෙයුම්වලින් ඉන්දීය ධීවර යාත්‍රා 35ක් සහ ධීවරයින් 240 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඉදිරි නීතිමය කටයුතු සදහා යොමුකර තිබෙනවා.

hasiniek
By hasiniek දෙසැම්බර් 18, 2023 15:02

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්