කොළඹ කොටුවේ සිට නානුඔය දක්වා ධාවනය වු ටිකිරි මැණිකේ දුම්රියේ ගැටීමෙන් තරුණයෙකු බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය දිස්ත්රික් මහ රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා.
මෙලෙස තුවාල ලබා ඇත්තේ නාවලපිටිය ලබුවැල්කොටුව ප්රදේශයේ පදිංචි අවුරුදු 21 හැවිරිදි තරුණයෙක්.
තුවාලකරු නාවලපිටිය ප්රදේශයේ සිට දුම්රිය මාර්ගය ඔස්සේ සිය නිවස කරා ගමන් කරමින් සිටියදී ඊයේ (17) පස්වරු 6.45 ට පමණ මෙම අනතුරට මුහුණ දී තිබුණා.
.