ආනයනික බිත්තර මිලියන 10ක් වෙළෙඳපොළට නිකුත් කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව සදහන් කළා.
ඒ අනුව සතොස අලෙවිසැල් ජාලය ඔස්සේ හිඟයකින් තොරව බිත්තර මිලදී ගැනීමට පාරිභෝගික ජනතාවට හැකිවනවා.
බිත්තර මිල පසුගිය කාලය තුළ සීඝ්රයෙන් ඉහළ යාම හේතුවෙන් බිත්තර ආනයනය කිරීමට රජය පියවර ගත්තා. ඒ අනුව වෙළෙදපොලේ බිත්තර මිල යම් මට්ටමකින් පාලනය වුවද උත්සව සමය වන විට යළි සීඝ්‍ර යෙන් මිල ඉහළ යාමත් සමඟ පාරිභෝගික ජනතාව අසීරුතාවට පත්වුණා.
මේ වන විට වෙළෙදපොලේ දේශීය බිත්තරයක් අලෙවි වන්නේ රුපියල් 55ත් 65ත් අතර මිලකටයි. එම තත්ත්වය හමුවේ බිත්තර නිෂ්පාදකයින් සහ අමාත්‍යවරයා අතර සාකච්ඡා වට කිහිපයක්ද පැවැත්වුණා.
ඒ තුළින්ද බිත්තර මිල අඩු කිරීමට හැකි පරිසරයක් නිර්මාණය නොවූ බැවින් බිත්තර ආනයනය සදහා රජය රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාවට අවසර ලබා දුන්නා.
ඒ අනුව ආනයනික බිත්තර මිලියන 10ක් අද සිට වෙළෙදපොලට නිකුත් කෙරෙන අතර උත්සව සමය අවසන් වන තෙක් බිත්තර ආනයනයට පියවර ගැනෙනවා.
එම බිත්තර සතොස අලෙවිසැල් හරහා ජනතාවට ලබාදීමට නියමිත බවයි රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව සදහන් කළේ. පාරිභෝගික ජනතාව අසීරුතාවට පත්වීම වළක්වමින් අදියර කිහිපයක් යටතේ බිත්තර මිලියන 15 ක් මෙරටට රැගෙන ඒමට ද කටයුතු යොදා තිබෙනවා.