ජබාලියා සරණාගත කඳවුරට ඊශ්රායලය එල්ල කළ ප්රහාරයකින් 90 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊශ්රායලය ගාසා තීරයේ රෝහල්වලට දිගින් දිගටම ප්රහාර එල්ල කරමින් සිටිනවා. ජබාලියා සහ නුසෙයිරාට් සරණාගත කඳවුරුවලට එල්ල කළ ඊශ්රායල ප්රහාරවලින් ජීවිත හානි රැසක් වාර්තා වුණා.
දකුණු ගාසා හි රෆා දේශ සිමා ආසන්නයේ කුසගින්නෙන් පෙළෙන පලස්තීනුවන් ජලය හා ආහාර ලබා ගැනීම සඳහා ආධාර ට්රක් රථ කොල්ල කන බවටද හෙළිව තිබෙනවා.
පසුගිය ඔක්තෝබර් 7 වැනිදා සිට ඊශ්රායලය එල්ල කළ ප්රහාරවලින් පලස්තීනුවන් 18,787ක් මිය ගොස් තිබෙනවා.පලස්තීන ප්රහාර වලින් ඊශ්රායලයේ 1,140කට වැඩි පිරිසක් මිය ගියා.