fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දියාවේ ජනප්‍රිය රියැලිටි ගායන තරගයක ජය ශ්‍රී ලාංකික දැරියකට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 18, 2023 05:51

ඉන්දියාවේ ජනප්‍රිය රියැලිටි ගායන තරගයක ජය ශ්‍රී ලාංකික දැරියකට

ඉන්දියාවේ රූපවාහිනී නාලිකාවක විකාශය කළ රියැලිටි තරගාවලියකින් ජය ගැනීමට ශ්‍රී ලාංකික දැරියක් සමත් වී තිබෙනවා.

ඉන්දීය Zee Tamil රූපවාහිනී නාලිකාව විසින් සංවිධානය කරනලද little champs 2023 රියැලිටි තරගාවලියේ අවසන් තරගය ඊයේ (17) චෙන්නායි නේරු ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා.

එම තරගාවලියේ කිරුළ දිනාගැනීමට සමත්ව ඇත්තේ යාපනය ප්‍රදේශයේ සිට එම වැඩසටහන සඳහා සහභාගී වූ ශ්‍රී ලාංකික දැරියක් වන කිල්මිෂා යි.

තරගාවලියේ කිරුළ හිමිකරගත් කිල්මිෂාට ඉන්දීය රුපියල් ලක්ෂ 10ක ත්‍යාග මුදලක් ද හිමිවනු ඇත.

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 18, 2023 05:51

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්