ප්‍රවීණ කාටූන් නිර්මාණ ශිල්පී කැමිලස් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
1960 දශකයේ සිට වර්තමානය දක්වාම කැමිලස් පෙරේරා ලාංකික පත්තර කලාවේ අතිශයින්ම ප්‍රිය ජනක හා ජනාදරයට පත් වුයේ ඔහුගේ කාටූන් නිර්මාණ කෞෂල්‍ය හේතුවෙන්.
ඔහු මෙරට ජාතික පුවත්පත් රැසකටම සිය කාටූන් නිර්මාණවලින් දායකවී තිබෙනවා.
දේශපාලකයන් පමණක් නොව අප සැමගේ දුර්වලතා සියුම්ව උපහාසයට ලක් කරන්නට ඔහු ගජ හපනෙක් වුණා. ඔහුගේ නිර්මාණ අතර අතිශයින්ම ජනාදරයට පත්වුයේ ගජමෑන් කාටූන් නිර්මාණයයි.