fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඊශ්‍රායල ඩ්‍රෝන ප්‍රහාරයකින් අල්ජසීරා මාධ්‍යවේදියෙකු ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 17, 2023 14:48

ඊශ්‍රායල ඩ්‍රෝන ප්‍රහාරයකින් අල්ජසීරා මාධ්‍යවේදියෙකු ජීවිතක්ෂයට

ඊශ්‍රායල ඩ්‍රෝන ප්‍රහාරයකින් අල්ජසීරා මාධ්‍යවේදියෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

අල්ජසීරා මාධ්‍ය ජාලයේ කැමරා ශිල්පියෙකු ලෙස කටයුතු කළ සේමර් අබුඩාකා මෙලෙස ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

කෙසේ වුවද ඔහුගේ ඝාතනය සම්බන්ධයෙන් ඊශ්‍රායලයට එරෙහිව ජාත්‍යන්තර අපරාධ අධිකරණය ඉදිරියේ චෝදනා ගොනුකරන බවයි අල්ජසීරා මාධ්‍ය ජාලය සදහන් කරන්නේ.

ඊශ්‍රායලයේ දැඩි බෝම්බ ප්‍රහාර හේතුවෙන් තුවාල ලබා සිටි කැමරා ශිල්පියා වෙතට සෞඛය අංශවලට ළගා වීමට නොහැකි වු බව ද එම මාධ්‍ය ජාලය නිවේදනය කරනවා. එය හිතා මතා සිදුකළ ඝාතනයක් බවයි ඔවුන් තවදුරටත් සදහන් කරන්නේ.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 17, 2023 14:48

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්