fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලබන අප්‍රේල් මාසය දක්වා බිත්තර ආනයනයට අවසර

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 16, 2023 18:08

ලබන අප්‍රේල් මාසය දක්වා බිත්තර ආනයනයට අවසර

බිත්තර නිෂ්පාදකයින් හිතාමතා බිත්තර මිල ඉහළ දැමීම හේතුවෙන් එය පාලනය කිරීම සදහා බිත්තර ආනයනය කිරීමට තීරණය කළ බව අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසනවා.

ඒ අනුව ලබන වසරේ අප්‍රේල් දක්වා බිත්තර ආනයනයට අවසර දී ඇති බවයි ඒ මහතා එහිදී වැඩිදුරටත් සදහන් කළේ.

බිත්තර නිෂ්පාදකයින් සහ බේකරි හිමියන් පසුගියදා වෙළෙද අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සමග බිත්තර මිල සම්බන්ධයෙන් සාකච්ඡාවක් සිදු කළා. එහිදී රුපියල් පනස් පහකට බිත්තර අලෙවි කිරීමට සිදුවන බවයි බිත්තර නිෂ්පාදකයින් ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත් උත්සව සමයේ වෙළෙදපොළේ බිත්තර මිල අධික ලෙස ඉහළ යාමෙන් ජනතාව පීඩාවට පත්වන බව අමාත්‍යවරයා එහිදී කියාසිටියා. ඒ අනුව බිත්තර මිල අඩු කිරීමට නිෂ්පාදකයින් කටයුතු නොකළහොත් බිත්තර ආනයනය කිරීමේ කාලසීමාව දීර්ඝ කිරීමට සිදුවන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

මේ මස 31 වනදා දක්වා බිත්තර ආනයනය කිරීමට මින් පෙර තීරණය කර තිබුණා. කෙසේ වෙතත් නිෂ්පාදකයින් බිත්තර මිල අඩු කිරීමට කටයුතු නොකළ හෙයින් ලබන අප්‍රේල් දක්වා බිත්තර ආනයනය කරන බවයි අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සදහන් කළේ.

මේ අතර ලොකු ළූණු මිල ඉහළ ගොස් ඇත්තේ බදු නිසා නොව ඉන්දියාව ළූණු අපනයනය තහනම් කිරීම නිසා බව අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළා.

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 16, 2023 18:08

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්