fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කහවත්තේ මව ඝාතනයට බාල දියණිය රිමාන්ඩ්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 16, 2023 15:46

කහවත්තේ මව ඝාතනයට බාල දියණිය රිමාන්ඩ්

කහවත්ත ප්‍රදේශයේ මවක ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකාර දියණිය ලබන 22 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

කහවත්ත,  වැල්ලදුර, වෙලේවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 71 හැවිරිදි මෙම මව ඝාතනය කෙරුණේ පසුගිය 13 වනදායි. සිය බාල දියණිය රැකියාවට ගොස් සිටියදී මව ඝාතනය කර තිබුණා.

දේහය පිළිබද අවසන් කටයුතු වැල්ලදුර පවුලේ සුසාන භූමියේදී සිදු  කෙරුණා.

මෙම ඝාතනය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන කහවත්ත පොලිසිය සැකපිට ඇයගේ බාල දියණිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාරිය පැල්මඩුල්ල වැඩබලන මහේස්ත්‍රාත් චමත් සුරවීර මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 22වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 16, 2023 15:46

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්