fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඔස්ට්‍රේලියානු පිතිකරු කවාජාට තහනම් වුණු පාවහන් යුගල

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 15, 2023 18:05

ඔස්ට්‍රේලියානු පිතිකරු කවාජාට තහනම් වුණු පාවහන් යුගල

ඔස්ට්‍රේලියානු පිතිකරු උස්මාන් කවාජා පකිස්තානය සමඟ පැවැත්වෙන ටෙස්ට් තරඟාවලියට පෙර පුහුණු සැසිවලදී පැලඳි පාවහන් යුගලය, තරඟ අතරතුරදී පැලඳීම ICC ය විසින් තහනම් කර තිබෙනවා.

ඒ, ‘සියලු ජීවිත සමානයි’ සහ ‘නිදහස යනු මානව අයිතිවාසිකමක්’ යනුවෙන් සටහන් කර තිබීම හේතුවෙන්.

කෙසේ වෙතත් ඔහුට පැන වූ එම තහනම හේතුවෙන් ඊයේ  ආරම්භ වූ දෙරට අතර පළමු ටෙස්ට් තරඟය සඳහා අතෙහි කළු පටියක් පැලඳ ඔහු ක්‍රීඩා කළා.

කවාජා මෙලෙස පණිවිඩ සටහන් කළ පාවහන් පැලඳ පුහුණුවීම්වල නිරත වී ඇත්තේ,ගාසා තීරය ආශ්‍රිත ප්‍රදේශයේ යුදමය වාතාවරණය හේතුවෙන් පීඩාවට පත් මිනිසුන් වෙනුවෙන් හඬ නැගීමේ අරමුණින්.

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 15, 2023 18:05

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්