fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හමාස් මූලස්ථානයකට ඊශ්‍රායල් ප්‍රහාරයක්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 15, 2023 16:27

හමාස් මූලස්ථානයකට ඊශ්‍රායල් ප්‍රහාරයක්

උතුරු ගාසා තීරයේ හමාස් බලඇණි මූලස්ථානය විනාශ කළ බව ඊශ්‍රායල ආරක්ෂක හමුදා පවසනවා.

ගාසා නගරයේ නැගෙනහිර දිස්ත්‍රික්කයේ පිහිටි හමාස් හි බලඇණි මූලස්ථානයේ සිටි හමාස් සටන්කරුවන් ද විනාශ කළ බව ඊශ්‍රායල හමුදා පවසනවා.

මෙහි තිබු ගුවන් යානා ප්‍රහාරක අවි,  යුද ටැංකි සහ උමං මාර්ගයක් ද විනාශ කර තිබෙනවා.

මෙම ප්‍රදේශය නිරන්තරයෙන් දැඩි සටන්වලට ලක්වු ප්‍රදේශයක් වන අතර එහි මහල් නිවාස කිහිපයක් ද ඊශ්‍රායල හමුදා විසින් විනාශ කෙරුණා.

ඔක්තෝබර් 7 වනදා ප්‍රහාරයට යොදාගත් ආයුධ ගබඩාවක් සහ උමගකින් සොයා ගත් වාහන ගණනාවක් ද මෙහිදි විනාශ කළ බවයි ඊශ්‍රායල ආරක්ෂක හමුදාව තවදුරටත් පවසන්නේ.

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 15, 2023 16:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්