කටුනායක ගුවන් තොටුපොළ සේවකයින් සිය දහවල් කෑම පැයේ දී වැටුප් වැඩි වීමක් ඉල්ලමින් උද්ඝෝෂණයක් ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය ඉදිරිපිට දී අද පවත්වා තිබෙනවා.
මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය කටුනායක ගුවන් තොටුපොළ සේවකයින් විසින් අලුතෙන් පිහිටුවා ගෙන ඇති ” ගුවන් තොටුපොළ ඒකාබද්ධ වෘත්තීය සමිතිය ” විසින් සංවිධානය කර තිබුණා.
ගුවන් තොටුපොළ ඒකාබද්ධ වෘත්තීය සමිතියේ සභාපති ධම්මික ප්‍රනාන්දු මහතා ,
මෙම උද්ඝෝෂණයෙන් අනතුරුව අදහස් දක්වමින් අපගේ මෙම නව වෘත්තීය සමිතිය දේශපාලනයෙන් තොරව පවත්වා ගෙන යනවා .
අපගේ සමිතිය කිසිදු මව් සංවිධානයකට අයිති නැහැ .
අද මෙම උද්ඝෝෂණ ව්‍යාපාරයේ ප්‍රධාන ඉල්ලීම අපිට වැටුප් වැඩි වීමක් ලබා ගැනීමයි .
ගුවන් තොටුපොළ සේවකයින්ට අවුරුදු 06 කින් වැටුප් වැඩි වීමක් ලැබී නැහැ .
ඒනිසා එළඹෙන 12/31 දිනට පෙර අපිට වැටුප් වැඩි වීම පිළිබඳ , ලිඛිත දැනුම් දීමක් අවශ්‍යයි .
එහිදී වැටුප් වැඩි කිරීමට බලාපොරොත්තු වන ප්‍රමාණය සඳහන් කළ යුතුයි.
එසේ නොලැබුණ හොත් එළඹෙන 2024 වසරේ ජනවාරි 03 දින සිට දැවැන්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වෙත අවතීර්ණ වීමට අපි සූදානම් යැයි ද පැවසීය .
අද අපි මේ උද්ඝෝෂණ ව්‍යාපාරයට කැඳවූයේ සීමිත සේවකයින් පිරිසක් පමණක් බවත් , ගුවන් තොටුපොළ කිසිදු අත්‍යාවශ්‍ය සේවාවක නිරත සේවකයින් මෙම අවස්ථාවට කැඳවා නොමැති බව ද සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය .
ඉන් අනතුරුව ඔවුන් විසින් සිය ඉල්ලීම් ඇතුළත් සකස් කර ගත් ලිපියක් සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති ඉංජිනේරු අජිත් ගල්කැටිය මහතා වෙත භාර දීමට පියවර ගෙන තිබුණි .
මේ සඳහා මීගමුව 111 කොට්ඨාසය භාර සහකාර පොලිස් අධිකාරීවරයා සහ කටුනායක ගුවන් තොටුපොළ පොලිසියේ ස්ථානාධිපතිවරයා මැදිහත් වී කටයුතු කළා.