fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රි පාදස්ථානයට විදුලි ට්‍රාන්ස්පෝමර් ඇතුලු ටොන් 25ක උපකරණ රැගෙන යාමේ මෙහෙයුම

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 15, 2023 13:53

ශ්‍රි පාදස්ථානයට විදුලි ට්‍රාන්ස්පෝමර් ඇතුලු ටොන් 25ක උපකරණ රැගෙන යාමේ මෙහෙයුම

විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් ඇතුළු ටොන් 25 ක භාණ්ඩ ගුවනින් ශ්‍රී පාදස්ථානයට රැගෙන යාමේ මෙහෙයුමක් ගුවන් හමුදාව ආරම්භ කළා.

නල්ලතන්නිය, ශ්‍රීපාද මාර්ගයේ රතු අම්බලම සහ ඉදිකටුපාන ප්‍රදේශයේ ලංකා විදුලිබල මණ්ඩලය අලුතින් ඉදිකරන විදුලි රැහැන් පද්ධතියට අවශ්‍ය ට්‍රාන්ස්ෆෝමරය ඇතුළු භාණ්ඩ මෙසේ රැගෙන යාම සිදු වුණා.

ගුවන් හමුදාවේ එම් අයි දාහත වර්ගයේ හෙලිකොප්ටර් යානයක් යොදා ගනිමින් නල්ලතන්නිය ක්‍රීඩාංගණයේ සිට භාණ්ඩ රැගෙන යාම සිදු කළා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දැනුම් දීමකට අනුව ගුවන් හමුදාපති එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතාගේ අධීක්ෂණය යටතේයි මෙහෙයුම ක්‍රියාත්මක වුණේ.

දින කිහිපයක් පුරා මෙම මෙහෙයුම ක්‍රියාත්මක වනවා. පානීය ජලය සැපයීමේ ව්‍යාපෘතියකට අවශ්‍ය උපකරණ ද මීට ඇතුළත්.

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 15, 2023 13:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්