fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සෞඛ්‍ය අමාත්‍යංශයේ ශරීර සුවතා ඒකකය විවෘත කෙරේ

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 15, 2023 12:26

සෞඛ්‍ය අමාත්‍යංශයේ ශරීර සුවතා ඒකකය විවෘත කෙරේ

ඉදිරියේ දී ශරීර සුවතා ඒකක රජයේ රෝහල් තුළ ස්ථාපිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය සැලසුම් කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යංශ පරීශ්‍රයේ ස්ථාපිත කරන ලද ශරීර සුවතා ඒකකය එහි ලේකම් විශේෂඥ වෛද්‍ය මහීපාල මහතා විසින් විවෘත කරන අවස්ථාවේදීයි මේ බව සඳහන් වුණේ.

මෙරට වාර්ෂිකව සිදුවන මරණවලින් සියයට 80කට ප්‍රධාන හේතුව ලෙස බෝ නොවන රෝග සහ එහි සංකූලතා හේතු වන බවයි සොයා ගෙන ඇත්තේ.

එමෙන්ම වයස අවුරුදු 35 අඩු ජනගහනයෙන් සියයට 15 ක් දියවැඩියාවෙන් ද, සියයට 35ක් අධික රුධිර පීඩනයෙන් පෙලෙන බවයි මෙරට සංඛ්‍යා ලේඛන පෙන්වා දෙනවා.

මීට ප්‍රධාන හේතුව වශයෙන් ශරීර සුවතාවය පිළිබද වැඩි උනන්දුවක් නොදැක්වීම බව ද 2021-2022 සමීක්ෂණ දත්ත මගින් පැහැදිලි කර තිබෙනවා.

මෙම ශරීර සුවතා ඒකකය මගින් ශරීර සුවතාවය දියුණු කිරීම, බෝ වන රෝග පාලනය, ආතතිය අවම කර මානසික සුවතාවය දියුණූ කිරීම අපේක්ෂා කරයි.

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 15, 2023 12:26

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්