fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලන්න ජනතා සහාය අවශ්‍යයි – දේශබන්දු තෙන්නකෝන්

hasiniek
By hasiniek දෙසැම්බර් 15, 2023 10:59

මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලන්න ජනතා සහාය අවශ්‍යයි – දේශබන්දු තෙන්නකෝන්

මත්කුඩු හා මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩ පැවැත්වීමේදී ජනතා සහාය අත්‍යවශ්‍ය බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා.

වයඹ පළාත් පරිගණක අපරාධ විමර්ශන ඒකකය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් වැඩබලන පොලිස්පතිවරයා මේ බව කියා සිටියා.

වාරියපොළ පොලිස් ස්ථානයේ මෙම ඒකකය පිහිටුවා තිබෙනවා.

මෙසේ විවෘත කෙරුණේ මෙරට 4වන පරිගණක විමර්ශන ඒකකයයි.

වයඹ පළාතේ පරිගණක හා ජංගම දුරකතනවලින් සිදුවන විවිධ අපරාධ විමර්ශනය කිරීම මේ හරහා සිදුවනවා.

hasiniek
By hasiniek දෙසැම්බර් 15, 2023 10:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්