රාගම, වල්පොල, කරිටාස් ප්‍රදේශයේ නිවසකට පැමිණ කළ වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
එම වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් තිදෙනෙක් රාගම රෝහලට ඇතුළත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.
එලෙස තුවාල ලබා ඇත්තේ, 49 හැවිරිදි පුද්ගලයෙක් ඔහුගේ මව හා එම අවස්ථාවේ එහි සිටි අසල්වැසි නිවසක පදිංචිව සිටි 17 හැවිරිදි තරුණයෙකි.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බවයි.