fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උපුල් තරංගගේ සභාපතිත්වයෙන් ක්‍රිකට් සඳහා නව තේරීම් කමිටුවක්

hasiniek
By hasiniek දෙසැම්බර් 15, 2023 09:28

උපුල් තරංගගේ සභාපතිත්වයෙන් ක්‍රිකට් සඳහා නව තේරීම් කමිටුවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා හිටපු ආරම්භක පිතිකරුවෙකු වන උපුල් තරංගගේ සභාපතිත්වයෙන් යුත් නව තේරීම් කමිටුවක් පත් කර තිබෙනවා.

සාමාජිකයන් පස් දෙනෙකුගෙන් යුත් මෙම තේරීම් කමිටුව වසර දෙකක කාල සීමාවක් සඳහා පත් කළ බව ශ්‍රී ලංකා ආයතනය විසින් නිවේදනය කර සිටිනවා.

ක්‍රිකට් ආයතනය විසින් යෝජනා කරන ලද නම් අතුරෙන්, ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මැතිතුමාගේ විසින් එම පත් කිරීම සිදු කර තිබෙනවා.

උපුල් තරංගගේ සභාපතිත්වයෙන් නව තේරීම් කමිටුව සඳහා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයින් වන අජන්ත මෙන්ඩිස්, ඉන්දික ද සේරම්, දිල්රුවන් පෙරේරා සහ තරංග පරණවිතාන ඇතුළත් වනවා.

ඒ අනුව 2024 වසරේ දී සිම්බාබ්වේ කණ්ඩායමේ මෙරට සංචාරය, නව තේරීම් කමිටුවේ ප්‍රථම කාර්යභාරය බවට පත්වෙනු ඇති.

hasiniek
By hasiniek දෙසැම්බර් 15, 2023 09:28

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්