රුපියල් කෝටි දෙකක් වටිනා ගජමුතු 04 ක් සමඟ ඒවා විකිණීමට පැමිණි පුද්ගලයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පෞද්ගලික ඔත්තුකරුවෙකු ලබා දුන් තොරතුරු මත සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා
සැකකරුවන් ඉමදූව , වැලිඔය , පලුගස්වැව සහ පන්නිපිටිය යන ප්රදේශ වල පදිංචිකරුවන් වන අතර ඔවුන් අතරින් දෙදෙනෙකු ශ්රී ලංකා යුධ හමුදාවෙන් පළා ගිය පුද්ගලයන් බවයි පොලිසිය ප්රකාශ කළේ.
සැකකරුවන් මීගමුව මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.