කුරුණෑගල බුවනෙකබා රාජ සභා මණ්ඩපය කැඩීමේ චෝදනාවට වදරකරු කෙරුණු හිටපු නගරාධිපති තුෂාර සංජීව ඇතුලු පස් දෙනෙකුට බරපතළ වැඩ සහිත වසර තුනක සිරදඩුවම් නියම කෙරුණා.
කුරුණෑගල මහාධිකරණ විනිසුරු ලාල් රණසිංහ බණ්ඩාර මහතායි මෙම තීන්දුව ලබාදුන්නේ.
කුරුණෑගල හිටපු නාගරික කොමසාරිස් ප්රදීප් තිලකරත්න / හිටපු නාගරික ඉංජිනේරු චමිත් බණ්ඩාරඅධිකාරි / කුරුණෑගල නගර සභාවේ වැඩ පරීක්ෂක අයි සුල්තිකාර් සහ බැකෝ යන්ත්ර ක්රියාකරු වන ලක්ෂ්මන් ප්රියන්ත යන අයට ද මෙසේ සිරදඩුවම් නියම වුණා.