ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ජබාලියා හි රෆා දේශසීමා ආසන්නයේදී පලස්තීනුවන් 10 දෙනෙකු මියගොස් තිබෙනවා.
ජගත් සංවිධානය පවසන්නේ තම භාරයේ සිටි පලස්තීනුවන් 288 දෙනෙකු ඊශ්‍රායලය ඝාතනය කර ඇති බවයි.
එමෙන්ම එක්සත් ජාතීන්ගේ කාර්ය මණ්ඩල සාමාජිකයන් 135 දෙනෙකු ද ඝාතනය වී තිබෙනවා.
ඔක්තෝබර් 7 වැනිදා සිට ඊශ්‍රායල ප්‍රහාරවලින් පලස්තීනුවන් 18,608ක් මිය ගොස් තිබෙනවා.
එමෙන්ම ඊශ්‍රායල ජාතිකයන් 1,147 දෙනෙකු පලස්තීන ප්‍රහාර වලින් මිය ගියා.
මේ අතර අධික වර්ෂාව හා ගංවතුර හේතුවෙන් ගාසා තීරයේ අවතැන් වූ පවුල්වල තත්ත්වය නරක අතට හැරී තිබෙනවා.
ශීත ඍතුවේ වැසි සහ ගංවතුර උතුරු ගාසා තීරයේ මරණ ප්‍රමාණය වැඩි කිරීමට හේතු වනු ඇති බවට වාර්තා වනවා.
ආහාර හා ජල හිඟය මෙන්ම රෝග ව්‍යාප්තිය මෙන්ම සාගින්නෙන් පෙළෙන පිරිස ඉහළ යාම ද ගැටළුවක්.