fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දියතලාව නගරයේ අයාලේ යන ගවයන්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 14, 2023 08:29

දියතලාව නගරයේ අයාලේ යන ගවයන්

දියතලාව නගරයේ අයාලේ යන ගවයන් නිසා නගරයට පැමිණෙන මගී ජනතාව මෙන්ම , නගරවාසී වෙළද ප්‍රජාව සහ  නගරයට පැමිණෙන රථවාහන රියදුරන් ඇතුලු විශාල පිරිසක් මේ වන විට දැඩි දුෂ්කරතාවයකට පත්ව සිටිනවා.

රංචු වශයෙන් අයාලේ යන මෙම ගවයින් දියතලාව නගරයේ ප්‍රධාන මාර්ගයේ විශාල වශයෙන් රැඳී සිටීම නිසා දියතලාව නගරය හරහා රථවාහන ධාවනයේ  යෙදෙන රථවාහන රියදුරන් දැඩි දුෂ්කරතාවයකට පත්ව සිටින අතර නගරයේ පදික වේදිකාවල සහ නගරයේ වෙළඳසැල්වලටද මෙම අයාලේ යන ගවයින් ඇතුලුවීම නිසා මේ වන විට මගී ජනතාව මෙන්ම වෙළඳසැල් හිමියන්ද දැඩි දුෂ්කරතාවයකට පත්ව සිටී.

මෙම ගවයින් රංචු වශයෙන් නගර මධ්‍යයේ ගමන් කිරීම නිසා රථවාහන අනතුරුද විශාල ලෙස සිදුවන අතර මෙම ගවයින් පදික වේදිකාවල ගමන් කිරීම නිසා මගී ජනතාව ප්‍රධාන මාර්ගයේ ගමන් කිරීමෙන් ඒම පිරිසද රථවාහන අනතුරුවලට භාජනය වන අවස්ථා ඇතයි නගරවාසීහු පවසනවා.

මෙම අයාලේ යන ගවයින් විධිමත් ලෙස අල්ලා ගොවිපලවලට හෝ රැගෙන යන ලෙසට ප්‍රදේශවාසී ජනතාව මෙන්ම නගරවාසී ජනතාවද නොයෙක්වර අදාල නිළධාරීන් දැනුවත් කර ඇතත් මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගෙනීම නිසා මෙසේ ජනතාව දැඩි දුෂ්කරතාවයට පත්ව ඇතයි ජනතාව චෝදනා කරනවා..

ඒම නිසා දියතලාව නගරයේ මෙම අයාලේ යන ගව උවදුර නතරකරලීම සදහා නිසි පියවර ගන්නැයි ප්‍රදේශවාසී ජනතාව මෙන්ම නගරවාසී ජනතාවද අදාල බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 14, 2023 08:29

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්