මහරගම අපේක්ෂා රෝහලේ ඉදිකෙරෙන නව ගොඩනැගිල්ල නිරීක්ෂණය සඳහා සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා අද එක්වුණා.
අපේක්ෂා රෝහලේ පහසුකම් තවදුරටත් පුළුල් කිරීමට කටයුතු කරන බවයි ඒ මහතා ප්‍රකාශ කළේ.
මෙම නව ගොඩනැගිල්ල ඉදිකෙරෙන්නේ රුහුණු මහා කතරගම දේවාලයේ අරමුදල් යොදවමින්.
රෝහලේ ප්‍රතිකාර ලබන දරුවන් සඳහා මෙම නව ගොඩනැගිල්ල වෙන්කර තිබෙනවා.
නව ගොඩනැගිල්ලේ ඉදිකිරීම් නිරීක්ෂණය කළ අමාත්‍යවරයා මාධ්‍ය වෙත ද අදහස් පළ කළා.