fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සිරගත කර සිටින රුසියාවේ විපක්ෂ නායකයා ගැන මෙතෙක් තොරතුරු වාර්තාවී නැහැ

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 13, 2023 17:42

සිරගත කර සිටින රුසියාවේ විපක්ෂ නායකයා ගැන මෙතෙක් තොරතුරු වාර්තාවී නැහැ

සිරගත කර සිටින රුසියාවේ විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නි සම්බන්ධයෙන් පසුගිය සතියේ සිට කිසිඳු තොරතුරක් වාර්තා නොවන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

රුසියාවේ විපක්ෂ නායකයාව සම්බන්ධ කර ගැනීමට ඔහුගේ පාක්ෂිකයින්ට පසුගිය සතියේ සිට හැකියාවක් ලැබී නොමැති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ඔහුගේ නීතිඥවරුන්ට ද ඔහුව මුණගැසීමට අවස්ථාව ලබාදී නොමැති බව සදහන්. රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ පාලනය ප්‍රසිද්ධියේ විවේචනය කළ ප්‍රබල චරිතයක් ලෙස නවාල්නි සැලකෙනවා.

චෝදනා කිහිපයකට වරදකරු වීම හේතුවෙන් ඔහුව සිරගත කෙරුණු අතර වසර 30ක පමණ සිරදඩුවමක් ඔහුට නියම කර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම රුසියා ජනාධිපතිවරයා ලබන වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයට තමා තරග කරන බවට සදහන් කිරිමත් සමග නවාල්නි සම්න්ධ කර ගැනීමට නොහැකි වීම විශේෂත්වයක් බවයි විශ්ලෂෙකයින් පෙන්වා දෙන්නේ.

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 13, 2023 17:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්