ගුවන් ගමන් පාලක ප්රධානී නිශාන් අබේවර්ධන මහතා අභාවප්රාප්ත වුණා.
නිශාන් අබේවර්ධන මහතා මෙසේ මියගොස් ඇත්තේ රාජකාරියේ යෙදී සිටියදී හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන්.
ඒ මහතා අභාවප්රාප්ත වනවිට කටුණායක ගුවන් තොටුපලේ ගුවන් සංතරණ අංශයේ ප්රධානී ලෙස කටයුතු කළා.
1990 වසරේ ගුවන් ගමන් පාලකවරයෙකු ලෙස සේවයට බැදුණු අබේවර්ධන මහතා වසර 29ක සේවා කාලයකින් පසුවයි ගුවන් සංතරණ සේවා අංශයේ ප්රධානීය ලෙස පත්ව ඇත්තේ.
ඒ මහතාගේ දේහය බොරැල්ල පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබෙනවාත.
අවසන් කටයුතු හෙට පස්වරුවේ දී බොරැල්ල පොදු සුසාන භූමියේ දී සිදුකෙරෙනවා.