ශ්‍රී ලංකාවේ ඊජිප්තු අරාබි ජනරජ තානාපති Maged Mosleh මහතා අද ( 13) ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා කොළඹ පිහිටි ඔහුගේ කාර්යාලයේදී හමු වී තිබෙනවා.
මෙම හමුවේදී රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන් මැතිතුමා විසින් ඊජිප්තු තානාපතිවරයා උණුසුම් ලෙස පිළිගැනීමෙන් අනතුරුව ඔහු සමඟ සුහද කතාබහක නිරත වූ බව සඳහන්.
දෙරටෙහි ආරක්ෂක සහයෝගීතාව, උපායමාර්ගික හවුල්කාරිත්වයන් සහ අන්‍යෝන්‍ය සහයෝගිතාව වැඩි දියුණු කිරීම පිළිබඳ කරුණු මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, ඊජිප්තුව සහ ශ්‍රී ලංකාව අතර දිගුකාලීන සබඳතා පවත්වාගෙන යාමට ශ්‍රී ලංකාව දරන ප්රයත්නය තානාපතිවරයාගේ පැසසුමට ලක් වී තිබෙනවා.
තවද ද්විපාර්ශ්වික සබඳතා සහ සහයෝගීතාව ඉදිරියට ගෙන යාම සඳහා වන අන්‍යෝන්‍ය කැපවීම, ඊජිප්තු තානාපතිවරයා සහ රාජ්‍ය අමාත්‍යවරයා අතර සිදු කෙරුණු මෙම හමුව ඔස්සේ තවදුරටත් පිළිබිඹු කරනවා