fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කිරමආර ඔය පිටාර ගලයි – ජනතාවට පීඩා – අදත් ප්‍රදේශ රැසකට තද වැසි

hasiniek
By hasiniek දෙසැම්බර් 13, 2023 13:57

කිරමආර ඔය පිටාර ගලයි – ජනතාවට පීඩා – අදත් ප්‍රදේශ රැසකට තද වැසි

බදුල්ල කොස්ලන්ද කොටබක්ම ප්‍රදේශයේ තවත් නායයාමක් සිදු ව තිබෙනවා.

එම ප්‍රදේශයේ පවුල් 50 ක් පමණ ජීවත් වන අතර නිවාස 6 කට දැඩි අවදානම් තත්ත්වයක් මතුව තිබෙනවා.

මේ අතර දක්ෂින අධිවේගී මාර්ගයේ කොක්මාදූව පිවිසුම ආශ්‍රිත මාර්ග සියල්ලම ජලයෙන් යටවීම හේතුවෙන් මාර්ගයෙන් පිටවීම සදහා එම අන්තර් හුවමාරුව වෙනුවට ගොඩගම සහ පාලටුව අන්තර් හුවමාරු භාවිත කරන ලෙස දැනුවත් කෙරෙනවා.

කොස්ලන්ද කොටබක්ම ප්‍රදේශයේ පවුල් 50 කට වැඩි පිරිසක් ජීවත් වන අතර දින තුනක් පුරා මෙම නායයාම සක්‍රියව පවතිනවා.

නිවාස 06 ක් දැඩි අවදානම් තත්ත්වයේ පැවතීම හේතුවෙන් එම නිවාසවල පදිංචිව සිටි පිරිස් ඥාති නිවෙස් වෙත ගොස් ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

මෙම ගම්මානය පිහිටා තිබෙන්නේ පසුගියදා විශාල ලෙස නායයාමට ලක් වූ කොස්ලන්ද කැලිපනාව ගම්මානයේ බටහිර මායිම් ප්‍රදේශයේයි කොට බක්ම නායයාම සිදුව ඇති ස්ථානයට ඉහළින් එම ගම්මානයට පිවිසෙන මාර්ගය පිහිටා තිබෙනවා.

ඒ ආශ්‍රිතව පවතින කුඹුරුයාය ද නායයාමට ලක්වීමේ අවදානමක් පවතින අතර එසේ වුවහොත් ගම්මානයට පිවිසීමට ඇති එකම මාර්ගය ද අවහිර වන බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

හල්දුම්මුල්ල අස්වැද්දුම ගම්මානය නාය යාම හේතුවෙන් අක්කර 200 ක් පමන විනාශ වී තිබෙනවා.

පවුල් 83 කට අයත් පුද්ගලයන් 279 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර නිවාස 09 ක් සම්පූර්ණයෙන් විනාශයට පත් වුණා.

එම ප්‍රදේශයේ පදංචිව සිටි බොහෝ දෙනෙකු ඥාති නිවාසවල රැදී සිටි අතර ඔවුන්ට අවශ්‍ය ආහාර පාන ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාදීමට කටයුතු කර තිබෙනවා.

මේ අතර මාතර දිස්ත්‍රික්කයට දින කිහිපයක් තිස්සේ ඇද හැලෙන අ“ධික වර්ෂාවත් සමග නිල්වලා ගගේ අතු ගංගාවක් වන කිරමආර ඔය පිටාර ගැලීමෙන් මාතර දිස්ත්‍රික්කයේ මාර්ග රැසක් ජලයෙන් යටව පවතිනවා.

කඹුරුපිටිය මුලටියන කද්දුව ප්‍රධාන මාර්ග ජලයෙන් යටව පැවතීම හේතුවෙන් දෛනික ජනජීවිතයට බාධා එල්ල වී තිබෙනවා.

කිරමආර ඔයේ ගං ඉවුර සපුගොඩ ප්‍රදේශයෙන් කැඩීයාම හේතුවෙන් කුඹුරු අක්කර 20 කට පමණ දැඩි බලපෑම් එල්ල වී ඇති බව ගොවිජනතාව පවසනවා. ලේනබටුව වැව පිටාර ගැලීමත් සමග කඹුරුපිටිය අකුරැස්ස මාර්ගය ජලයෙන් යටව පවතිනවා.

කඹුරුගමුව තුඩැල්ල ප්‍රදේශයේ නිවසකට අකුණු සැර වැදීමෙන් ඇති වූ ගින්නකින් එම නිවස සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.

එම අවස්ථාවේ නිවසේ කිසිවෙකු නොසිටි අතර ගින්න මැඩපැවැත්වීමට දැඩි උත්සාහයක් දැරුවට එය අසාර්ථක වී තිබෙනවා.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොක්මාදූව අන්තර් හුවමාරුව ආශ්‍රිත මාර්ග සියල්ලම ජලයෙන් යටව පවතිනවා.

ඒ හේතුවෙන් කොක්මාදූව අන්තර් හුවමාරුවෙන් පිටවන වාහනවලට වැලිගම හා කනංකේ ප්‍රදේශවලට පිවිසිය නොහැකි බවට මාර්ග සංවර්ධන අධිකාරිය පවසන්නේ.ලොකු වාහනවලට පමණක් වැලිගම දෙසට ගමන් කළ හැකි අතර එම වාහනවලට ද කනංකේ දෙසට ගමන් කළ නොහැකි මට්ටමට ගංවතුර ඉහළ ගොස් තිබෙනවා.

ඒ හේතුවෙන් කොළඹ දෙසින් පැමිණෙන වාහන පාටලුව අන්තර් හුවමාරුවෙන් සහ මත්තල සිට පැමි‍ණෙන වාහන ගොඩගම අන්තර් හුවමාරුවෙන් පිටවන ලෙසටයි දැනුවත් කෙරෙන්නේ.

කුකුළේ ගග ජලාශයේ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලුණු වර්ෂාවත් සමග කුකුලේ ගග ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කර තිබෙනවා. එම ජලය කුඩාගගට මුදාහැරෙන බැවින් බුලත්සිංහල මෝල්කාව ඇටඹගස්හන්දිය පරගොඩ ඇතුළු ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටව පවතිනවා.

මේ අතර අද දිනයේත් ප්‍රදේශ රැසකට තද වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා.

 

hasiniek
By hasiniek දෙසැම්බර් 13, 2023 13:57

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්