fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බඹරුන් දෂ්ඨ කිරීමෙන් පුද්ගලයින් 14ක් රෝහලේ

hasiniek
By hasiniek දෙසැම්බර් 13, 2023 13:17

බඹරුන් දෂ්ඨ කිරීමෙන් පුද්ගලයින් 14ක් රෝහලේ

මාතලේ – හුලංගමුව ප්‍රදේශයේදී බඹරුන් දෂ්ඨ කිරීමෙන් පුද්ගලයන් 14 දෙනෙකු මාතලේ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

රෝහල්ගත කළ පුද්ගලයින් අවුරුදු 30ත් 61ත් අතර වයස්වල පසුවන පුද්ගලයන් බවයි සඳහන් වන්නේ.

මියගිය පුද්ගලයෙකුගේ භූමදාන කටයුත්තක් සඳහා ගම්වාසීන් එක්ව සුසාන භූමිය සුද්ධ පවිත්‍ර කරමින් සිටියදී ගසක තිබූ බඹර කූඩුවක් ඇවිස්සී එහි රැඳී සිටි පුද්ගලයන් හට බඹරුන් දෂ්ඨ කර තිබෙනවා.

පසුව සියලුදෙනාව රෝහලට ඇතුළත් කර ඇති අතර පුද්ගලයන් 06 දෙනෙකු ප්‍රතිකාර අවසන් කර රෝහලෙන් පිටව ගොස් ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

hasiniek
By hasiniek දෙසැම්බර් 13, 2023 13:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්